Aims of NCEF
ජාතික ළමා අධ්‍යාපන පදනමේ පරමාර්ථය වන්නේ, දේශීය සංස්කෘතියක් හා චින්තන රටාවක් පදනම් කරගත් ළදරැ අධ්‍යාපනයක් තුළින් වර්ථමාන ළමා පරපුර උතුම් ගුණාංගයන්ගෙන් යුතු මානව පරපුරක් බවට පත් කිරීමයි. මෙම අධ්‍යාපන ක්‍රමය යටතේ තමාගේ වැඩකටයුතු ස්වශක්තියෙන් කරගැනීමට පෙළඹෙන, සමාජයේ යුතුකම් හා වගකීම් අනෝන්‍ය සබඳතාවයන්, සහයෝගය, පරෝපකාරය, වැඩිහිටිය්නට ගරු කිරීම හා ඔවුන්ගේ කථාබහට අවධානය යොමු කිරීම යනාදී මානව ගුණාංගයන් වර්ධනය වීමට මුල්වන නිර්මාණශීලී චින්තන ශක්තියක් ඇති ළමා පරපුරක් සඳහා සුදුසු පරිසරය සකස් කිරීම අප බලාපොරොත්තුවයි. උගන්වන සමාජයකට වඩා බගෙන ගන්නා සමාජයක් බිහිකිරීම නිදහස් වූ අධ්‍යාපන ක්‍රමයක ලක්ෂණය විය යුතුය. බහත සඳහන් කරුණු නව අධ්‍යාපන ක්‍රමය යටතේ ළදරුවන්ට ලබා දීම සඳහා දෙමව්පියන්ගේද සහයෝගය අනිවාර්යයෙන්ම අවශ්‍යයි.